දේශීය පුවත්

මියන්මාරයේ (බුරුමයේ) රඛිනේ පළාතේ ඇතිව ඇති තත්වය පිලිබඳ අන්තර්ජාතික මාධ්‍ය සහ අන්තවාදී කණ්ඩායම් මුල්වී සිදු කරන අසත්‍ය ප්‍රචාර හේතුවෙන් මියන්මාර බෞද්ධ ජනතාවට සිදුව ඇති අසාධාරණය පිලිබඳ කණගාටු වන බව අද සවස ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති හමු වූ විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ ජාතික සංවිධාන නියෝජිතයෝ දැනුම් දුන්හ. මේ අවස්ථාවේ මියන්මාර බෞද්ධ ජනතාව සමග ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව අත්වැල් බැඳ ගන්නා බව ද ඔවුහු පැවසුහ. පසුගියදා ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති කාර්යාලය ඉදිරිපිට අන්තවාදී කණ්ඩායමකගේ අශෝභන හැසිරීම පිළිබඳ ශ්‍රී ලාංකිකයන් ලෙස තමන් ලජ්ජාවට පත්වන බව නියෝජිත කණ්ඩායම දැනුම් දුන්හ.

මේ අවස්ථාවේ අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ වැඩ බලන මියන්මාර තානාපතිතුමා පැවසුවේ අන්තර්ජාතික මාධ්‍ය සහ සමාජ ජාලාවල පළ වූ ඇතැම් ජායාරුප මීට දශයකට පමණ පෙර අප්‍රිකාවේ රුවන්ඩාවේ දී ලබාගත් ඒවා බවත් මෙය බෞද්ධ විරෝධී කුමන්ත්‍රණයක් බවත් ය. මියන්මාර ජනාධිපතිතුමාට යැවීම සඳහා විශේෂ ලිපියක් ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය තානාපතිවරයාට බාර දුන්නේය (ලිපිය අමුණා ඇත). මාදුරුඔය ධම්මිස්සර හිමි, රියර් අද්මිරාල් සරත් වීරසේකර, ආචාර්ය චන්න ජයසුමන, විශේෂඥ වෛද්‍ය අශෝක කමලදාස, ශ්‍රී ලංකා මියන්මාර මිත්‍රත්ව සංගමයේ සභාපති කුමාර සේමගේ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

 

 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කෝලාහලයක් ගැන සම්පන්දන් අනතුරු අඟවයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මෙරට ජාතික ගැටලුවට විසඳුමක් නොලැබුණ...හොත් නැවතත් රටේ කෝලාහලයක් ඇතිවීමේ අවදානමක් පවතින බව විපක්ෂ නායක දෙමළ...

හිටපු ජනපති යෝජිත නව ව්‍යවස්ථාවට නෙත් යොමයි !

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන නව ව්‍යවස්ථා කෙටුම්පත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (6) සිය නිල නිවසේ දී අධ්‍...

රවි ඇමැති කාලේ යාළුවන්ට වාසි දෙන්න ගහපු තවත් ගේමක් හෙළිවේ

රාජ්‍ය ආයතනවලට වාහන අවශ්‍ය වන අවස්ථාවන්හිදී ඒවා මිලදී ගැනීම වෙනුවට කල්බදු ක්‍රමයට තෝරාගත් සමාගම් තුනකින් පමණක් ලබා ගැනීමට...රවි කරුණානායක...