ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පිහිටුවා ඉකුත් රජය යටතේ වූ බව කියන වංචා, දූෂණ හා අපරාධ නඩු විභාග කිරීමට රජය තීරණය කර ඇත.
රජය නීතිපති දෙපාර්තමේන්තුවෙන් කළ ඉල්ලීමකට අනුව නීතිපති ජයන්ත ජයසූරිය අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්ගෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස ඉල්ලා ඇතැයි අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.
අගවිනිසුරුවරයා මෙම සතියේදී එම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පත්කරනු ඇතැයිද දැන ගන්නට තිබේ.බොහෝ දුරට මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංගගේ සභාපතිත්වයෙන් මෙම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත්කරනු ඇතැයිද වාර්තා වේ.
ඉකුත් රජය සමයේ වූ බව කියන වංචා, දූෂණ හා අපරාධ සාමාන්‍ය නඩු ක්‍රමයට යාම තුළ ප්‍රමාදයක් ඇතිවන නිසා මෙය විශේෂ කටයුත්තක් සේ සලකා මෙලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කොට එක දිගට නඩු විභාග කර තීන්දු ලබාදීමට නියමිතය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මෙරට ජාතික ගැටලුවට විසඳුමක් නොලැබුණ...හොත් නැවතත් රටේ කෝලාහලයක් ඇතිවීමේ අවදානමක් පවතින බව විපක්ෂ නායක දෙමළ...
ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන නව ව්‍යවස්ථා කෙටුම්පත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (6) සිය නිල නිවසේ දී අධ්...
රාජ්‍ය ආයතනවලට වාහන අවශ්‍ය වන අවස්ථාවන්හිදී ඒවා මිලදී ගැනීම වෙනුවට කල්බදු ක්‍රමයට තෝරාගත් සමාගම් තුනකින් පමණක් ලබා ගැනීමට...රවි කරුණානායක...