දේශීය පුවත්

පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සියලුදෙනාගේ ඒකමතික කැමැත්ත මත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, උතුරු පළාත් සභාවේදී පරාජයට පත්වී ඇත. උතුරු පළාත් සභාවට මෙම පනත ඉදිරිපත් කළ අවස්ථාවේදී මන්ත්‍රීවරුන් සියලුදෙනා ව්‍යවස්ථා සංශෝධනයට මෙසේ විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත.

උතුරු පළාත් සභා සභාපති සී.වී.කේ. ශිවඥානම් මහතා විසින් මෙම 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සභාවට ඉදිරිපත් කරනු ලැබිය. එහිදී පාලක දෙමළ ජාතික සන්ධාන පළාත් සභා මන්ත්‍රීවරුන් හා විපක්ෂය නියෝජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ද පනතට විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් උතුරු පළාත් සභාවේ සහයෝගය ලබාදීමට හැකියාවක් නොමැති බව මෙහිදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා අවධාරණය කර සිටියේය.
මෙම නව ව්‍යවස්ථා සංශෝධනය තුළින් පළාත් සභා බලතල පාර්ලිමේන්තුව වෙත පවරා ගැනීමට සැරසෙන බවද සී.වී. විග්නේෂ්වරන් මහතා මෙහිදී සඳහන් කර ඇත.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කෝලාහලයක් ගැන සම්පන්දන් අනතුරු අඟවයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මෙරට ජාතික ගැටලුවට විසඳුමක් නොලැබුණ...හොත් නැවතත් රටේ කෝලාහලයක් ඇතිවීමේ අවදානමක් පවතින බව විපක්ෂ නායක දෙමළ...

හිටපු ජනපති යෝජිත නව ව්‍යවස්ථාවට නෙත් යොමයි !

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන නව ව්‍යවස්ථා කෙටුම්පත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (6) සිය නිල නිවසේ දී අධ්‍...

රවි ඇමැති කාලේ යාළුවන්ට වාසි දෙන්න ගහපු තවත් ගේමක් හෙළිවේ

රාජ්‍ය ආයතනවලට වාහන අවශ්‍ය වන අවස්ථාවන්හිදී ඒවා මිලදී ගැනීම වෙනුවට කල්බදු ක්‍රමයට තෝරාගත් සමාගම් තුනකින් පමණක් ලබා ගැනීමට...රවි කරුණානායක...