ප‍්‍රධාන පුවත්

දැනට බන්ධනාගාර ගතව සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන මහත්වරුන්ට අද කොළඹ මහා අධිකරණයෙන් ඇප නියම කොට තිබේ.

එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප සහ ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප මත ඔවුන් මුදා හරින ලද අතර ඇපකරුවන් තිදෙනාගෙන් අයෙකු අධිකරණ බල සීමාවේ පදිංචි කරුවෙකු වීම, අයෙකු ළඟම ඥාතියෙකු වීම හා අයෙකු රජයේ සේවකයෙකු වීම යන ඇප කොන්දේසි ද මෙහිදී පනවා ඇත.

ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය හමුවට බාර දෙන ලෙසද නියෝග කර තිබේ.

පසුගිය සැප්තැම්බර් 7 දා බරපතල වැඩ සහිතව වසර තුනක සිර දඬුවමක් නියමව සිටි මොවුන්ට ඇප ලබා දෙන මෙන් අධිකරණ හමුවට ඇයදුම් පතක් යොමුව තිබුණි.

මේ සම්බන්ධයෙන් නීතිපතිට සහ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාට අද දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝග කොට තිබිණ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කෝලාහලයක් ගැන සම්පන්දන් අනතුරු අඟවයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මෙරට ජාතික ගැටලුවට විසඳුමක් නොලැබුණ...හොත් නැවතත් රටේ කෝලාහලයක් ඇතිවීමේ අවදානමක් පවතින බව විපක්ෂ නායක දෙමළ...

හිටපු ජනපති යෝජිත නව ව්‍යවස්ථාවට නෙත් යොමයි !

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන නව ව්‍යවස්ථා කෙටුම්පත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (6) සිය නිල නිවසේ දී අධ්‍...

රවි ඇමැති කාලේ යාළුවන්ට වාසි දෙන්න ගහපු තවත් ගේමක් හෙළිවේ

රාජ්‍ය ආයතනවලට වාහන අවශ්‍ය වන අවස්ථාවන්හිදී ඒවා මිලදී ගැනීම වෙනුවට කල්බදු ක්‍රමයට තෝරාගත් සමාගම් තුනකින් පමණක් ලබා ගැනීමට...රවි කරුණානායක...