දේශීය පුවත්

ලංකා මහ බැංකුවේ සිදු වූ බැඳුම්කර වංචාවෙන් රුපියල් ටි්‍රලියනයකට වඩා රජයට අලාභයක්‌ සිදුව ඇති බව තමා යළිත් නොබියව ප්‍රකාශ කරන බව රාජ්‍ය ඇමැති  ලක්‌ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

මෙම පාඩුවේ ප්‍රමාණය ගැන මීට පෙර කියද්දී තමාට ගණන් බැරි බව ඇතමුන් ප්‍රකාශ කළ බවද තමා ගණන්කාරයෙක්‌ නොවුණත් හොඳට ගණන් දන්නා බවද වසර 07 ක්‌ පමණ බැංකුවක රැකියාව කළ බවද ඇමැතිවරයා කීය.

පර්පචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම 2015/2016 වර්ෂවල ලාභය රුපියල් මිලියන 25000 ක්‌ පෙන්වා ඇති බව කී රාජ්‍ය ඇමැතිවරයා මේ සා විශාල ලාභයක්‌ ලැබීමට හේතුව පොලී අනුපාතය වැඩි කිරීම බවද කියා සිටියේය.

මෙම ලාභය නිසා වසර 30 ක්‌ යන විට රජයට ටි්‍රලියනයකට වඩා පාඩුවක්‌ වන බව ඕනෑම අයෙකුට තේරුම් ගත හැකි බවද ඊයේ (17 දා) ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මූලස්‌ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කෝලාහලයක් ගැන සම්පන්දන් අනතුරු අඟවයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මෙරට ජාතික ගැටලුවට විසඳුමක් නොලැබුණ...හොත් නැවතත් රටේ කෝලාහලයක් ඇතිවීමේ අවදානමක් පවතින බව විපක්ෂ නායක දෙමළ...

හිටපු ජනපති යෝජිත නව ව්‍යවස්ථාවට නෙත් යොමයි !

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන නව ව්‍යවස්ථා කෙටුම්පත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (6) සිය නිල නිවසේ දී අධ්‍...

රවි ඇමැති කාලේ යාළුවන්ට වාසි දෙන්න ගහපු තවත් ගේමක් හෙළිවේ

රාජ්‍ය ආයතනවලට වාහන අවශ්‍ය වන අවස්ථාවන්හිදී ඒවා මිලදී ගැනීම වෙනුවට කල්බදු ක්‍රමයට තෝරාගත් සමාගම් තුනකින් පමණක් ලබා ගැනීමට...රවි කරුණානායක...