දේශීය පුවත්

 

තමන් ආණ්ඩුවේ නියෝජිතයෙකු බවට පසුගිය සති අන්ත පුවත්පත් වල පලවූ වාර්තා නිවැරදිකර දෙන්නැයි ජවිපෙ නායකයා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් හමුවේ වැද වැටී ඇතැයි වාර්තාවේ. ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පසුගිය සතියේ ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැදැක නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සහාය දක්වන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලා සිටි බව සති අන්ත පුවත්පතක් වාර්තාකොට තිබුණි.

 

බොහෝ පුවත්පත් එම පුවත වාර්තා කොට තිබුනේ අනුර කුමාර දිසානායක පැමිණියේ ආණ්ඩුවේ නියෝජිතයෙකු වශයෙන් බවය. එම කොටස නිවැරදිකර දෙන්නැයි අනුර කුමාර දිසානායක ඇල්ලේ ගුණවංශ හිමියන්ට කිහිප වතාවක්ම දුරකථනයෙන් ආයාචනා කර ඇත. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සහාය ඉල්ලන්නේ ආණ්ඩුවේ නියෝජිතයන් නොවේදැයි ඇල්ලේ ගුණවංශ හිමියන් පෙරලා අනුර කුමාර දිසානායකගෙන් විමසා තිබේ. කෙසේ වෙතත් අවසානයේදී බලවත් පෙරැත්තය හේතුවෙන් ඇල්ලේ හිමියන් නිවරදි කිරීමක් පුවත්පත් වලට යැවීමට පියවර ගෙන තිබුණි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කෝලාහලයක් ගැන සම්පන්දන් අනතුරු අඟවයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මෙරට ජාතික ගැටලුවට විසඳුමක් නොලැබුණ...හොත් නැවතත් රටේ කෝලාහලයක් ඇතිවීමේ අවදානමක් පවතින බව විපක්ෂ නායක දෙමළ...

හිටපු ජනපති යෝජිත නව ව්‍යවස්ථාවට නෙත් යොමයි !

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන නව ව්‍යවස්ථා කෙටුම්පත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (6) සිය නිල නිවසේ දී අධ්‍...

රවි ඇමැති කාලේ යාළුවන්ට වාසි දෙන්න ගහපු තවත් ගේමක් හෙළිවේ

රාජ්‍ය ආයතනවලට වාහන අවශ්‍ය වන අවස්ථාවන්හිදී ඒවා මිලදී ගැනීම වෙනුවට කල්බදු ක්‍රමයට තෝරාගත් සමාගම් තුනකින් පමණක් ලබා ගැනීමට...රවි කරුණානායක...