ප‍්‍රධාන පුවත්

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 198ක් ලබාගෙන දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත්තේ මීගමුව හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ එඩ්ලිව් කේ දිනුක ක්‍රිෂාන් කුමාර් සිසුවායි. ලකුණු 197ක් ලබා ගෙන දෙවැනි ස්ථානයට මෙවර දෙදෙනෙක් හිමිකම් කියනවා. ඒ ගනේමුල්ල වැලිපිල්ලෑව කනිෂ්ඨ විද්‍යාලයේ එම් ඒ එම් ඉඳුමිණි ජයරත්න සහ කෑගල්ල තුල්හිරිය කනිෂ්ඨ විදයාලයේ ටී එම් සංජන නයනජිත් තෙන්නකෝන් යන සිසුන් දෙපලයි.

තුන්වැනි ස්ථානය ලබා ගෙන ඇත්තේ කඩවත කිරිල්ලවල ප්‍රාථමික විද්‍යාලයයේ ඩී ඒ තරුල් සහස් ධර්මරත්න සිසුවාය. ඔහු ලකුණු 196ක් ලබාගෙන ඇත. ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 195ක් ගනිමින් සිසුහු 12 දෙනෙක් හතර වැනි ස්ථානයට පත්ව ඇති අතර, පළමු, දෙවැනි, දෙවැනි සහ සිව්වැනි ස්ථාන ලබා ගත් සිසුන් 16 දෙනා අතුරින් සිසුහු හත් දෙනෙක් ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරති.

ගම්පහ, කොළඹ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය ශිෂ්‍යත්ව කඩයිම් ලකුණ 164කි. නුවරඑළිය, මන්නාරම, ත්‍රිකුණාමලය සහ මොණරාගල දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩයිම් ලකුණ 158ක් වන අතර, බදුල්ල, පොළොන්නරුව, අනුරාධපුරය, පුත්තලම, මුලතිව් යන දිස්ත්‍රික්කවල කඩයිම් ලකුණ 160කි. එමෙන්ම හම්බන්තොට කඩයිම් ලකුණ 162 වන අතර වව්නියාව කඩයිම් ලකුණ 161කි. අම්පාරේ 159කි.

 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කෝලාහලයක් ගැන සම්පන්දන් අනතුරු අඟවයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මෙරට ජාතික ගැටලුවට විසඳුමක් නොලැබුණ...හොත් නැවතත් රටේ කෝලාහලයක් ඇතිවීමේ අවදානමක් පවතින බව විපක්ෂ නායක දෙමළ...

හිටපු ජනපති යෝජිත නව ව්‍යවස්ථාවට නෙත් යොමයි !

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන නව ව්‍යවස්ථා කෙටුම්පත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (6) සිය නිල නිවසේ දී අධ්‍...

රවි ඇමැති කාලේ යාළුවන්ට වාසි දෙන්න ගහපු තවත් ගේමක් හෙළිවේ

රාජ්‍ය ආයතනවලට වාහන අවශ්‍ය වන අවස්ථාවන්හිදී ඒවා මිලදී ගැනීම වෙනුවට කල්බදු ක්‍රමයට තෝරාගත් සමාගම් තුනකින් පමණක් ලබා ගැනීමට...රවි කරුණානායක...