ප‍්‍රධාන පුවත්

ජනාධිපතිවරයා විසින් ඊයේ ධූරයෙන් ඉවත් කෙරුණු නිියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු අද අලුයම ජනාධිපතිවරයා හමුවී සමාව ගෙන ඇතැයි වාර්තාවේ. හිටපු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු විපක්‍ෂයට එක්වන බව කියන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමතිවරුන් අතර ප‍්‍රධාන භූමිකාවක් රගපාන අයෙකි. ජනාධිපතිවරයා ඊයේ අරුන්දික ප‍්‍රනාන්දු මහතා නියෝජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත්කළ පසු ඔහු පැවසූවේ තනතුර අත්හිටුවීම පිළිබදව කිසිදු කණගාටුවක් නොමැති බවය. එසේම අනෙකුත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඇමතිවරුන්ද කොන්ද කෙලින් තියාගෙන තීරණයක් ගතයුතු බවද ඔහු අවධාරණය කළේය.

මේ අතර හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා අද අළුයම ජනාධිපතිවරයා හමුවූයේ සමාව ගැනීමට නොව වෙනත් ගැටළුවක් විසදා ගැනීමට බව ඔහුගේ කාර්ය මණ්ඩල නිලධාරියෙක් පැවසීය. නියෝජ්‍ය අමාත්‍යවරයා වසර දෙකක කාලයක් තුළ භාවිත කළ වාහන දෙකක් සදහා වන ගෙවීම් මේ දක්වා භාණ්ඩාගාරයෙන් ගෙවා නැත. අරුන්දික ප‍්‍රනාන්දු මහතා අද ජනාධිපතිවරයා හමුවී මේ බව දැනුම්දීමෙන් පසු අදාළ ගෙවීම් කිරීමට ජනාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම්දී ඇත.



සම්බන්ධ පෙර පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කෝලාහලයක් ගැන සම්පන්දන් අනතුරු අඟවයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මෙරට ජාතික ගැටලුවට විසඳුමක් නොලැබුණ...හොත් නැවතත් රටේ කෝලාහලයක් ඇතිවීමේ අවදානමක් පවතින බව විපක්ෂ නායක දෙමළ...

හිටපු ජනපති යෝජිත නව ව්‍යවස්ථාවට නෙත් යොමයි !

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන නව ව්‍යවස්ථා කෙටුම්පත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (6) සිය නිල නිවසේ දී අධ්‍...

රවි ඇමැති කාලේ යාළුවන්ට වාසි දෙන්න ගහපු තවත් ගේමක් හෙළිවේ

රාජ්‍ය ආයතනවලට වාහන අවශ්‍ය වන අවස්ථාවන්හිදී ඒවා මිලදී ගැනීම වෙනුවට කල්බදු ක්‍රමයට තෝරාගත් සමාගම් තුනකින් පමණක් ලබා ගැනීමට...රවි කරුණානායක...